Skip to Content
සිංහල

ඔබේ පාරිභෝගිකයන් සමඟ සිංහලෙන් කතා කරන්න

WhatsApp, SMS සහ AI චැට්බොට් හරහා පාරිභෝගිකයන්ට වේගයෙන් පිළිතුරු දෙන්න. නිල WhatsApp Business API, රු. 0.50 සිට බල්ක් SMS, සහ දිවා රෑ සිංහලෙන් පිළිතුරු දෙන AI නියෝජිතයෙක්.

අපේ සේවා

එක් සහකරුවෙක්, නාලිකා තුනක්

2019 සිට ශ්‍රී ලාංකීය ව්‍යාපාරවලට පාරිභෝගිකයන් සමඟ සම්බන්ධ වීමට අපි උදව් කරනවා.

WhatsApp Business API

එකම නිල අංකයකින් ඔබේ මුළු කණ්ඩායමටම පිළිතුරු දිය හැකිය. පණිවිඩ සැකිලි, බොත්තම් සහ ස්වයංක්‍රීය පිළිතුරු. මසකට රු. 8,500 සිට.

WhatsApp ගැන කියවන්න

බල්ක් SMS සහ SMS API

OTP, ඇණවුම් තහවුරු කිරීම් සහ ප්‍රවර්ධන පණිවිඩ. ගනුදෙනු SMS රු. 0.50, ප්‍රවර්ධන SMS රු. 0.70. පිහිටුවීමේ ගාස්තු නැත.

SMS ගැන කියවන්න

AI චැට්බොට්

සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහ Singlish තේරුම් ගන්නා AI නියෝජිතයා දිවා රෑ පිළිතුරු දෙයි. අවශ්‍ය විට ඔබේ කාර්ය මණ්ඩලයට චැට් එක භාර දෙයි.

AI චැට්බොට් ගැන කියවන්න

උදාහරණ

ඔබේ පාරිභෝගිකයා දකින දේ

සිංහලෙන් ප්‍රශ්නයක් ආවොත් සිංහලෙන්ම පිළිතුරක්. SMS එකක් නම්, සිංහල අකුරු නිසා දිග වෙනස් වන හැටි.

උදාහරණය: රාත්‍රී 10ට ආපු ප්‍රශ්නයකට AI පිළිතුර.
උදාහරණය: සිංහල SMS එකක් Unicode ලෙස යැවේ (උපරිම අකුරු 70).
උදාහරණය: එම පණිවිඩය Singlish ලෙස (උපරිම අකුරු 160).

මිල ගණන්

පැහැදිලි මිල ගණන්, සැඟවුණු ගාස්තු නැත.

සේවාවමිල
ගනුදෙනු SMS (OTP, ඇණවුම් පණිවිඩ)SMS එකකට රු. 0.50
ප්‍රවර්ධන SMSSMS එකකට රු. 0.70
WhatsApp Business API සැලසුමමසකට රු. 8,500 සිට
AI චැට්බොට්සෑම WhatsApp සැලසුමකම ඇතුළත්. AI පිළිතුරු සඳහා භාවිතය අනුව ගාස්තු.

SMS මිල ගණන් රජයේ බදු සහිතයි. WhatsApp පණිවිඩ සඳහා Meta ගාස්තු වෙනම Meta ආයතනයට ගෙවිය යුතුය; Bloomwire ඊට කිසිදු ලාභයක් එකතු නොකරයි.

Bloomwire තෝරාගන්නේ ඇයි?

  • 2019 සිට ශ්‍රී ලාංකීය ව්‍යාපාර 150කට වැඩි ප්‍රමාණයකට සේවය කර ඇත.
  • අපි නිල Meta Tech Provider ආයතනයක්.
  • 2025 සහ 2026 TopWeb.LK සම්මාන දිනා ඇත.
  • ශ්‍රී ලංකාවේම සිටින කණ්ඩායමකගෙන් සිංහලෙන් සහාය.
නිතර අසන ප්‍රශ්න

ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු

වෙනත් ප්‍රශ්නයක් තිබේ නම් අපට කතා කරන්න: 077 600 3273.

தமிழ் · English

WhatsApp Business API කියන්නේ මොකක්ද?

ව්‍යාපාර සඳහා Meta ආයතනය ලබා දෙන නිල WhatsApp සේවාවයි. එකම අංකයකින් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට පිළිතුරු දීමට, අනුමත පණිවිඩ සැකිලි යැවීමට සහ AI චැට්බොට් එකක් සම්බන්ධ කිරීමට එය ඉඩ දෙයි. වැඩි විස්තර.

සිංහල SMS එකකට අකුරු කීයක් යැවිය හැකිද?

පණිවිඩයේ එක සිංහල හෝ දෙමළ අකුරක් හෝ තිබේ නම් එය Unicode ලෙස යැවේ. එවිට එක SMS එකකට අකුරු 70ක් පමණි. දිගු පණිවිඩවල සෑම කොටසකටම අකුරු 67ක් යැවේ. ඉංග්‍රීසි අකුරු පමණක් ඇති SMS එකකට අකුරු 160ක් යැවිය හැකිය. ඔබේ පණිවිඩය SMS අකුරු ගණකයෙන් පරීක්ෂා කරන්න.

AI චැට්බොට් එකට සිංහලෙන් පිළිතුරු දිය හැකිද?

ඔව්. අපේ AI නියෝජිතයාට සිංහල අකුරෙන් සහ Singlish ලෙස ලියන ප්‍රශ්න තේරුම් ගෙන පිළිතුරු දිය හැකිය. ඔබේ ව්‍යාපාරයේ තොරතුරු මත එය සකසා, පාරිභෝගිකයන්ගේ සැබෑ ප්‍රශ්නවලින් පරීක්ෂා කළ පසුයි අපි එය සක්‍රිය කරන්නේ.

WhatsApp පණිවිඩයක මිල කීයද?

Bloomwire සැලසුම් මසකට රු. 8,500 සිට ආරම්භ වේ. ඊට අමතරව Meta ආයතනය සෑම සැකිලි පණිවිඩයකටම ගාස්තුවක් අය කරයි: ප්‍රවර්ධන පණිවිඩයකට ආසන්න වශයෙන් රු. 24ක් සහ ඇණවුම් යාවත්කාලීන කිරීම් හෝ OTP පණිවිඩයකට රු. 0.66ක් පමණ. සෑම මසකම එක් අංකයකට පළමු සේවා පිළිතුරු 1,000 නොමිලේ. මිල ගණන්.

සිංහලෙන් සහාය ලබාගත හැකිද?

ඔව්. අපි ශ්‍රී ලාංකීය කණ්ඩායමක්. පිහිටුවීමේ සිට දෛනික භාවිතය දක්වා සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් අපෙන් සහාය ලබාගත හැකිය.

පටන් ගන්න

ඔබේ ව්‍යාපාරයට ගැළපෙන විසඳුම ගැන කතා කරමු.

විනාඩි 30ක ඩෙමෝ එකකින් WhatsApp, SMS සහ AI චැට්බොට් ඔබේම ව්‍යාපාරයට වැඩ කරන හැටි බලන්න.

ඩෙමෝ එකක් වෙන් කරන්න